පිවිසිය

ආයුබෝවන්!

තෙරුවන් සරණයි.

සිංහල රාජාවලියේ ඉතිහාසය සූර්ය වංශ චන්ද්‍ර වංශ රාජකීයන්ගේ උරුමය සහ අයිතිවාසිකම් පෙළ ගස්වන මෙම බ්ලොග් අඩවිය පාඨකයින් හට අපූර්වතම අක්දැකීමක් පණ ගන්වනු ඇත. මෙහි ඇතුලත් චායාරූප සහ විස්තර වර්ෂ ගණනාවක පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයකි. සිංහල රාජාවලිය නැවත පණ ගැන්වීම උදෙසා කරන වෑයමකි.එසේම විද්‍යාඥයෙකු වශයෙන් ටික්කම මහින්ද කුමාර මහතා ලබා ගත් ජයග්‍රහණයන් ද මෙහි ඇතුලත් ව ඇති බැවින් සිංහල රාජකීයන් ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබේ.

Monday 8 October 2012

සහසක් නිමැවුම්




බිහි කරන නව දැනුම එයින් ඵල ලැබිය             යුතු                                                     නවමුනිමැවුම් සමග දැයේ පණ රැඳිය                  යුතු                                                          මැති ඇමති කැමති මග නොවේ දැන් යා                  යුතු 
ඉසි වරුන් වැනි අපට වඩා සැලකිය                        යුතු
  
                                                                                                                                                          මතුගම සෙනෙවිරුවන්                                                                         
         ශ්‍රී ලංකා නව නිපයුම් කොමිසම මගින් සංවිධානය කරන ලද සහසක් නිමැවුම් නව නිර්මාණ කරුවන් ගේ නිර්මාණ දැක්ම 2012 සැප්තැම්බර් 30 දින සිට ඔක්තෝබර් 02 දින දක්වා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැතුවුණි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ  සහ අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන යන මහත් වරු දෙපළ මෙම ප්‍රදර්ශණය විවෘත කිරීමට පැමිණි මෙහොතේ දී ටික්කම මහින්ද කුමාර මහතාගේ පැහැදිළි කිරීමකට සවන් දුන් අවස්ථාව. විවිධ කේෂ්ත්‍රයන්හි දස්කම් දැක්වූ නිර්මාණ කරුවන් රාශියක් සහ දිවයිනේ පාසල් මට්ටමින් සාභාගි වූ පාසල් දරුවන් පිරිසක් මෙහිදී සම්මාන වලට පාත්‍ර විය. මෙම සම්මාන ප්‍රදානය ඔක්තෝබර් මස 30 වන දින පැවැත්වෙන අතර  සහසක් නිමැවුම් ප්‍රදර්ශණය වාර්ෂිකව පැවැත්වීමට ද නව නිපයුම් කොමිසම තීරණය කර ඇති බවද දැන ගන්නට  ඇත.