පිවිසිය

ආයුබෝවන්!

තෙරුවන් සරණයි.

සිංහල රාජාවලියේ ඉතිහාසය සූර්ය වංශ චන්ද්‍ර වංශ රාජකීයන්ගේ උරුමය සහ අයිතිවාසිකම් පෙළ ගස්වන මෙම බ්ලොග් අඩවිය පාඨකයින් හට අපූර්වතම අක්දැකීමක් පණ ගන්වනු ඇත. මෙහි ඇතුලත් චායාරූප සහ විස්තර වර්ෂ ගණනාවක පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයකි. සිංහල රාජාවලිය නැවත පණ ගැන්වීම උදෙසා කරන වෑයමකි.එසේම විද්‍යාඥයෙකු වශයෙන් ටික්කම මහින්ද කුමාර මහතා ලබා ගත් ජයග්‍රහණයන් ද මෙහි ඇතුලත් ව ඇති බැවින් සිංහල රාජකීයන් ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබේ.

Sunday 3 June 2012

එප්පාවල පොහොර නිධිය භාවිතයට නව සොයා ගැනීමක්

                              

      අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල කෝරළයේ පිහිටා තිබෙන පොස්පේට් නිධිය ලංකාවේ ජාතික සම්පතකි.වර්ග කි.මී. හතරක පමණ ප්‍රදේශයක පැතිර පවතින මේ නිධිය 1971 වසරේ දී  සොයා ගත් පසු එම නිධියෙන් රොක් පොස්පේට් සකස් කරලීම පිණිස1977 දී ලංකා පොස්පේට් සමාගම පිහිටුවන ලදී. වාර්ෂිකව එයින් පොහොර මෙට්රික් ටොන් 60000 ක් පමණ නිකුත් කෙරේ. එම පොහොර පොල් රබර් වැනි දීර්ඝ කාලීන වගාවන්ට යෙදීමට නිර්දේශිතය. නමුත් ලෝකයේ මෙවැනි නිධි පවතින රටවල මේ ගල් භාවිතා කර ජලයේ ද්‍රාව්‍ය  පොස්පේට් තනනු ලබන බැවින් 1987 වර්ෂයේ දී රජය මෙම නිධිය ඇමරිකාවේ ප්‍රීපොට් මැක්මොරන් නම් සමාගමට බදු දීමට තීරණය කරන ලදී. ඔවුහු වසර තිහකින් මෙම නිධිය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන පොස්පේට් පොහොර නිපදවීමට සහ පිටරට පැටවීමට එකඟතාවය පළ කරන ලදී. නමුත් මහජන උද්ඝෝෂණයන් සහ එයට විරුද්ධව පවරන ලද නඩුව නිසා මෙම නිධිය විදේශිය සමාගමකට බදු දීම නැවතුණි.
     ශාඛයකට අවශ්‍ය ප්‍රධාන පෝෂක ද්‍රව්‍යයන් අතරින් පොස්පරස් මූලද්‍රව්‍ය මගින් සිදුවන මෙහෙය විශාල යයි නවීන විද්‍යාඥයින් කල්පනා කරති. මේ නිසා රජය වාර්ෂික පොහොර සහනාධාර ලබා දීම පිණිස විශාල මුදලක් කැප කරති.  කෘතිම පොහොර වල තිබෙන අයෝග්‍ය තාවය නිසා කාබනික පොහොරවලින් ශාඛ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත යුතුයයි මෙරට පරිසර හිතකාමී විද්වතුන් දරන මතයද සැලකිල්ලට ගත් විට එප්පාවල පොහොර නිධිය රට අමිල සමිපතක් බවට පත් වෙයි.
      පොස්පරස් මූලද්‍රව්‍ය සියයට තිස්පහක් පමණ අඩංගුව තිබෙන එප්පාලවල ගල් කන්ද ද්‍රාව්‍ය සුපර් පොස්පේට බවට පත්කිරීමේ දී දැනට ලෝකයේ බහුලවම යොදා ගන්නා තාක්ෂණික ක්‍රම වේදයන් දෙකක් තිබේ. ඉන් එකක් නම් පොස්පරික් අම්ලය නොහොත් ඔතෝ පොස්පරික් යොදා ද්‍රාවණයක් බවට පත් කර ස්ඵටික කර ගැනීමයි. දෙවැන්න සල්පියුරික් අම්ලය යොදා ජීර්ණය කර ගැනීමයි. මීට අමතරව නයිට්‍රික් අම්ලය හයිඩ්‍රොලික් අම්ලය  ඩයි ඇමෝනියා පොස්පේට් ආදී රසායන ද්‍රව්‍යයන් යොදා ජීර්ණය කරන ක්‍රම වේදයන්ද ප්‍රචලිතව ඇත. 2012 මැයි මාසයේ දී රොක් පොස්පේට නිකුත් කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරනු පිණීස ලංකා පොස්පේට් සමාගම විසින් නව අඹරනයක් සවි කරන ලද අතර ඉන් පැයකට මෙට්රින් ටොන් 10 ක් නිකුත් කළ හැකිය. ඊට අමතරව ද්‍රාව්‍ය සුපර් පොස්පේට් නිපදවීම පිණිස සල්පියුරික් අම්ලය යොදා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවද පැවසෙයි.
        ලෝකයේ භාවිතා කරන තාක්ෂණයන් අතරින් මේ ක්‍රමය සාර්ථක වී ඇත්තේ සියයට එකක් පමණකි. එයට හේතුව සල්පියුරික් අම්ලය මගින් මේ පාෂාණයේ මතුපිට ස්ථරය පමණක් ජීර්ණය කිරීමයි. දැනටමත් එප්පාවල අවට මෙලෙස සියයට එකක් පමණ ද්‍රාව්‍ය පොස්පේට් ඇත. මේ සමගම පරිසරයට එකතු වී ඇති ෆලුවොරයිඩ් නිසා අවට ජීවත්වන ජනතාවගේද සෞඛ්‍ය ප්‍රශ්ණයන් මතුව ඇත.   මෙලෙස සල්පියුරික් යොදා ජීර්ණය කරන ලද පොහොර වලින් පසේ රසායනික ගතිගුණ වර්ධනය කිරීමට හේතු වේ. කැල්සියම් මැග්නීසියම් හා සල්පේට් ද මෙහි ඇති බැවින් කලක් යන විට පස  බදාමයක් බවට පත්වී වයනය නැතිවීමට ඇති ඉඩකඩ බොහෝ වේ. රජරට පසේ තිබෙන භාස්මිකතාවය මත ඒ පළාත් වලට කිසිසේත්ම මේ පොහොර යොදා ගැනීමට නොහැකිය. එම නිසා ද්‍රාව්‍ය සුපර් පොස්පේට් නිපදවීමට තිබෙන වඩාත් සාර්ථක ක්‍රමය ලෙස සැලකෙන්නේ පොස්පරික් අම්ලය යෙදවීමයි. නමුත්  එම ක්‍රමය ඉතා වියදම් අධිකය.
      රජරට ප්‍රදේශවල පැතිර පවතින වකුගඩු රෝගවලට එක් හේතුවක් වශයෙන් පසේ තිබෙන ෆ්ලුවරයිඩ් හේතුවන බවට කලක් විශ්වාශයක් පැවතිණ. අද එම මතය වෙනස් වී ඇති නමුත් මේ රසායනය නිසා යම් යම් සෞඛ්‍ය ප්‍රශ්ණ මතුවන බව සැබෑ වෙයි. මේ ගැටලුවට එකල සාර්ථක විසඳුමක් සෙවූ විද්‍යාඥයින් අතරින් ටික්කම මහින්ද කුමාර මහතාට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි. පානදුර ශ්‍රී සුමංගල විදුහලෙන් අධ්‍යාපනය පසුව කොළඹ නාලාන්දා විදුහලෙන් උසස් අධ්‍යාපනය අවසන් කර කැළණිය සරසවියෙන් රසායන විද්‍යා උපාධිය ලබමින් පර්යේෂණ කේෂ්ත්‍රයට එකතු වන හෙතෙම නර්ඩ් ආයතනයට සම්බන්ධ  වී පර්යේෂණ කරමින් නව නිර්මාණ රාශියක් ජාතියට දායාද කළ පුද්ගලයෙකි. ලාබාලම තරුණ ඉංජිනේරුවරයා ලෙස1992 දී ජනාධිපති සම්මාන හිමිකර  ගත්තෙකි.2000 වසරේදී භූගර්භ විද්‍යාව පිළීබඳව ජනාධිපති ශිෂ්‍යත්වය හිමිකර ගත් මහින්ද කුමාර මහතා 2004 වසරේදී සිය විද්‍යාපති උපාධියට ලංකාවේ ආම්ලික පස් හා භාස්මික පස් වල අයන හුවමාරුව පිළිබඳ විෂය කේෂ්ත්‍රය තෝරා ගත්තේය. ඒ අනුව ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටා තිබෙන පස් ස්ථරයන්හි වෙනස් කම් අධ්‍යනය කොට පස් සාම්පල කීපයක් එකට මිශ්‍ර කරමින් ජල පෙරනයක් නිර්මාණය කරන්නට හේ සමත් විය. එම පස් ස්ථර මැටි ෆිල්ටරයක අඩංගු කරලීමෙන් ජලයේ ද්‍රාව්‍යව තිබෙන ෆ්ලුවරයිඩ් මෙන්ම බොහෝ රසායනික අයන ඉවත් කර ගත් හැකි වූ බව පෙන්නුම් කරන ලදී . එම ජල පෙරන රාශියක් 2005 වසරේ දී ඒප්පාවල ගල්කන්ද පුරාණ විහාරස්ථනයේ දී බෙදාහැරීමට කටයුතු කරන ලද්දේ පුජ්‍ය මාමාන්කඩවල පියරතන ස්වාමීන් වහණ්සේ ගේ මූලිකත්වයෙනි. එයට අනුග්‍රහය දක්වන ලද්දේ ශ්‍රී ලංකා හරිත ව්‍යපාරයයි.
    මෙම පර්යේෂණය කරන අතර තුර මහින්දකුමාර මහතා සිය විෂය කේෂ්ත්‍රය පුලුල් කරමින් එප්පාල පොහොර නිධිය පිලබඳවද පර්යේෂණ දියත් කලේය. යට සඳහන් කළ ආම්ලික පස් ස්ථර යොදා ගෙන 0.5 දැලකින් කාන්දු වන අංශු ප්‍රමාණය රොක් පොස්පේට් සමග 2:1 අනුපාතයකින් මිශ්‍ර  කර ඒ හරහා අයන නොමැති වැහි වතුර  ගමන් කරවීමට සැලැස්වීමෙන් ද්‍රාව්‍ය පොස්පේට් පසෙන් ඉවත් වන බවද එම ජලීය ද්‍රාවණය පොහොරක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි බව ද සොයා ගන්නා ලදී. මේ ද්‍රාවණය තුල කැල්සියම් මැග්නීසියම් හෝ ෆ්ලුවරයිඩ් නොමැති බවද මේ පර්යේෂණ මගින් අනාවරණය විය. 

     ලෝකයේ දැනට භාවිතා කරන තාක්ෂණයන් වියදම් අධිකය. එසේත් නැතිනම් ලංකාවට සාපේක්ෂව එම තාක්ෂණය නොගැලපේ.ගොවියාට මෙන්ම සාමාන්‍ය ජනතාවට සරළව අවබෝධ කරගත හැකි ශිල්පීය ක්‍රමයන් නිතරම තිරසාර වේ. මහින්ද කුමාර මහතා ගේ නව නිපයුම්  වල තිබෙන වෙසෙසි ලක්ෂණය එයයි. මේ පර්යේෂණය වැඩි දියුණූ කර ගැනීමට රජයෙන් සයොගයක් තවමත්ලැබී නොමැත. වියදම් අධික තාක්ෂණයන් යොදා ගන්නට නිළධාරීන් බොහෝ විට කැමැත්තක් දක්වන බව පෙනේ. එයට හේතුව එයින් විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට හැකි වීමයි. ලංකාවේ භූ සම්පත් ගැන පර්යේෂණ කළ යුත්තේ ලංකාවේ විද්‍යාඥයින්ය. 2000 වසරේ දී මහින්ද කුමාර මහතාට පේරාදෙණිය සරසවියේ ශිස්‍යත්වය ලැබෙන්නේ ද ඒ සඳහාය. නමුත් අවාසනාවකට මේ උගතුන් ගේ සහාය ලබා ගැනීමට රජය තවමත් උත්සාහ කර නොමැත. එසේ ලැබෙන්නේ නම් එප්පාවල පොහොර නිධිය තිරසරව භාවිතා කරන්නට සමත් තාක්ෂණයක් හඳුන්වා දෙන්නට හැකි බව මහින්ද කුමාර මහතා පවසයි.  
                                                                      මතුගම සෙනෙවිරුවන්
                                                                      www.Seneviruwa.blogspot